Friday, April 26, 2024

චීනයට එපා වූ මිනිසුන් බ්‍රිතාන්‍යයේ දී සැමරේ.

ටියැන්මෙන් චතුරශ්‍රයේ සමූල ඝාතනය සැමරීම චීනයේ තහනම් කර තිබුණ ද එහි 33 වැනි සංවත්සරය සනිටුහන් කරමින්, ලන්ඩනයේ පැවති රැලිවලට දහස් ගණන් ජනතාව එක්ව සිටි බව විදෙස් වාර්තා .පවසයි.

‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එක් වෙමු’ රැලිය, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ඩව්නිං වීදියේ නිල නිවස ඉදිරිපිට වයිට්හෝල්හි දී පැවැත්වූ බව ටිබෙටය සහ පීඩාවට පත් වූ සුළු ජාතීන් සඳහා වන ගෝලීය සන්ධානය වාර්තා කළේය.

චීනයේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ තීව්‍ර පරිච්ඡේදය සනිටුහන් කිරීමට සිය ගණනක් එක්වූ තවත් රැළියක් ඉන් අනතුරුව පිකාඩිලි වටරවුමේදී ආරම්භ වූ බව වාර්තා පවසයි.

මේ අතර, චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා රැළියක් පැවැත්වුණු අතර එහිදී දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පිරිසක් රැළියට එක්ව සිටියහ.

ටිබෙටය සහ පීඩාවට පත් වූ සුළු ජාතීන් සඳහා වන ගෝලීය සන්ධානය වාර්තා කළේ, වසර 33 කට පෙර සැමරුම ආරම්භ වූ දා සිට මේ වසරේ පැවති රැළියේ දී විශාලතම ජන සහභාගිත්වය දැකගත හැකි වූ බවයි.

ප්‍රකාශනයේ නිදහස, වගවීම සහ දූෂණයට තිත තබන්නැයි ඉල්ලා සිටිමින් 1989 අප්‍රේල් මාසයේ දී බීජිං හි ටියැනන්මෙන් චතුරශ්‍රයේ සහ අනෙකුත් චීන නගරවල සිසුන්, කම්කරුවන් සහ අනෙකුත් අයගේ සාමකාමී රැස්වීම්වලින් පසුව ටියැන්මන් සංහාරය සිදු වූ අතර එම සංහාරයේදී චීන රජයේ හමුදාව විසින් ඝාතනය කරම ලද මිනිසුන් 10,000 ත් 15,000 ත් අතර වන බව මෑතක කරනු ලැබූ සමීක්ෂණ ඔස්සේ තහවුරු වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles