ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම සාමකාමී අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට හිටපු අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශ අධ්‍යක්ෂවරයා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
පොලීසිය පැවසුවේ, සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක බවයි.
ඊට අනියුක්ත කර ඇති පරීක්ෂණ කණ්ඩායම් සංඛ්‍යාව 6 කි.
ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා සහ අරලියගහ මන්දිරයේ 09 වන දා පැවති හමුව සංවිධානය කළ ප්‍රධාන සංවිධායකවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි.
පොලීසිය සඳහන් කළේ, ඉදිරි විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂකවරයා ද අද ගෝඨාගෝ ගම පරිශ්‍රයට කැඳවා ඇති බවයි.
අරගල භූමියේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන්, ඊයේ ස්ථානීය අපරාධ පරීක්ෂණ නිලධාරීන් යොදවා විමර්ශන සිදු කළ බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය