Saturday, July 27, 2024

පාකිස්තාන ආක්‍රමණික කාශ්මීරය ඉන්දියාවේ කොටසක් බව ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

පකිස්තාන ආක්‍රමණික කාශ්මීරය (POK) එදත් අදත් ඉන්දියාවේ කොටසක් වන අතර පාකිස්තාන රජය PoK අයිතිවාසිකම් පෑම නැවත නැවතත් ප්‍රකාශ කිරීමෙන් කිසිවක් හිමි නොවන බව ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සඳුදා ජම්මුහිදී පැවසීය.

“PK සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවේදී ඒකමතික යෝජනාවක් සම්මත වී තිබෙනවා එය ඉන්දියාවේ කොටසක් පමණක් බව. මෙම අභිප්‍රායේ යෝජනා එකක් නොව අවම වශයෙන් තුනක්වත් දැන් පාර්ලිමේන්තුවේ සම්මත කර ඇත, ”සිං පැවසීය.

ආරක්ෂක අමාත්‍යවරයා මේ බව කියා සිටියේ J-K කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, රටේ ආරක්ෂක යාන්ත්‍රණයේ අභ්‍යන්තර හා බාහිර මානයන් පිළිබඳව ජම්මු විශ්ව විද්‍යාලයේ සංවිධානය කරන ලද “ආරක්ෂක සමුළුවක්” අමතමිනි.

“ජම්මු සහ කාශ්මීරයේ විශාල කොටසක් පකිස්තානයේ ආක්‍රමණයට ලක්ව ඇත. අනිත් පැත්තේ මිනිස්සුන්ට පේනවා ඉන්දීය පාලනය ඇති කොටටස් මිනිස්සු සාමකාමීව ජීවිතේ ගෙවනවා කියලා. POK හි වෙසෙන ජනතාව බොහෝ දුක් විඳිමින් සිටින අතර ඔවුන් ඉන්දියාව සමඟ යාමට ඉල්ලීම් කරනු ඇති, ”සිං පැවසීය.

ජම්මු හා කාශ්මීර් හි 370 ව්‍යවස්ථාව අහෝසි කිරීම ගැන කතා කරමින් ඔහු කියා සිටියේ භාරතීය ජනතා පක්ෂය එම වගන්තිය අවලංගු කර දශක ගණනාවක් තිස්සේ අසාධාරණයට ලක් වූ ජම්මු සහ කාශ්මීරයේ ජනතාවට සාධාරණය ඉටු කළ බවයි.
ත්‍රස්තවාදී ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාව ඇමරිකාව ඇතුළු මුළු ලෝකයේම ආකල්ප වෙනස් කර ඇති බව අගමැති මෝදි විසින් ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟ නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයෙන් පැහැදිලි වී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

“ත‍්‍රස්තවාදය රාජ්‍ය ප‍්‍රතිපත්තියක් ලෙස භාවිතා කරන රටවල් හොඳින් තේරුම් ගත යුතු වෙනවා, මේ සෙල්ලම වැඩි කල් පවතින්නේ නැහැ, අද ලෝකයේ රටවල් බොහොමයක් ත්‍රස්තවාදයට එරෙහිව එකමුතු වෙලා ඉන්නවා,” ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles