ෂී ජින් පින්ගෙන් කාන්තාවන්ට ඉඩක් නෑ

0
355
Chinese President Xi Jinping attends the opening ceremony of the 20th National Congress of the Communist Party of China, at the Great Hall of the People in Beijing, China October 16, 2022. REUTERS/Thomas Peter - RC232X9DLJPY

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවේ ෂී ජින් පිං ගේ ඉහළම සහායකයින් හට උසස් තනතුරු හිමිවූ නමුත් වසර ගණනාවකට පසු පළමු වරට කිසිදු කාන්තාවකට ඉහළ නායකත්ව තනතුරක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව රාජ්‍ය මාධ්‍ය විසින් නිකුත් කරන ලද ලැයිස්තුවෙන් පෙන්වා දෙයි.

කොමියුනිස්ට් පක්ෂයේ ෂී ජින් පිං විසින් පක්ෂයේ නව මධ්‍යම නායකත්වය පසුගියදා බීජිං හි මහජන මහා ශාලාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඉදිරිපත් කළ අතර එහිදී ඔහු ජනාධිපති ලෙස ඓතිහාසික තෙවන වාරයක් ලබා ගනු ලැබීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වැනි මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ෂී ජින්පින්ග් කමිටුවේ පළමු පූර්ණ සැසියේදී තේරී පත් වූ බව Xinhua වාර්තා කරනු ලැබීය.

ෂී ගේ ප්‍රධානත්වයෙන් පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) 20 වැනි මධ්‍යම කාරක සභාවේ සැසියට මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 203 දෙනෙකු සහ විකල්ප සාමාජිකයින් 168 දෙනෙකු සහභාගී වූහ.

CPC මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් ලෙස ලී කියොන්ග්, ශාඕ ලෙජි, වෑන් හුනින්, කයි කී, ඩින් ශුඒශින් සහ ලී ෂී තේරී පත් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here