පීඩනය වෙනුවට රාජ්‍ය තාන්ත්‍රිකභාවය තෝරා ගන්න – ඇමරිකාව චීනයට කියයි

0
270

තායිවානයට මිලිටරි පීඩනය යොදනවා වෙනුවට රාජ්‍ය තාන්ත්‍රිකභාවය තෝරා ගන්නැයි එක්සත් ජනපදය චීනයෙන් ඉල්ලා සිටී.
එක්සත් ජනපද කථානායකවරයා සමඟ තායිවාන ජනාධිපතිවරිය පැවැත් වූ සාකච්ඡවෙන් අනතුරුව චීන යුද නැව් තායිවානය වටා යෙදවීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක වේදන්ට් පටෙල් දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මේ බව පැවසීය.
“තායිවානයට එරෙහි මිලිටරි, රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික පීඩනය නවත්වන ලෙසත් ඒ වෙනුවට අර්ථවත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නිරත වන ලෙසත් අපි බීජිනයෙන් දිගටම ඉල්ලා සිටිමු” පටලේ පැවසීය.
තායිවානය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ චීනය අතර “වෙනස්කම්” පටෙල් පිළිගත් නමුත් බලවතුන් දෙදෙනා වසර 40 ක් තිස්සේ තත්වය කළමනාකරණය කර ඇති බව පැවසීය.
ජනාධිපති Tsai Ing-wen පසුගියදා කැලිෆෝනියාවේ දී කථානායක Kevin McCarthy හමුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here