Friday, March 29, 2024

පාකිස්ථාන අගවිනිසුරුගේ බලතල කප්පාදු කෙරේ

පාකිස්තාන අගවිනිසුරුවරයාගේ බලතල කප්පාදු කෙරෙන පනත් කෙටුම්පත සඳහා ජාතික සභාවේ අනුමැතිය හිමිවීමත් සමග එය නීතියක් වශයෙන් ස්ථාපනය වී තිබේ.
පාකිස්තානය තුළ බොහෝ විවාදයට ලක් වූ පනත ෂෙහ්බාස් ෂරීෆ් රජය විසින් නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පසු නීතියක් ලෙස බලාත්මක වූ බව ඩෝන් පුවත්පත වාර්තා කළේය.
මෙය නීතිය ක්‍රියාත්මක කිරීම නවතා දැමීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නොතකා, ජාතික සභා ලේකම් කාර්යාලය එය නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලෙස පාකිස්තානයේ මුද්‍රණ සංස්ථාවෙන් (PCP) නිල වශයෙන් ඉල්ලා සිටියේය.
මහජන අවශ්‍යතා හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන අවස්ථාවලදී අගවිනිසුරුවරයාට ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වී පියවර ගැනීමට තිබූ බලය මෙම පනත හරහා සංශෝධනය කර තිබේ.
ෂෙබාස් ෂරීෆ් ප්‍රමුඛ රජය පනත් කෙටුම්පත සම්මත කළේ, අගවිනිසුරුගේ බලය දේශපාලන අස්ථාවරත්වයක් ඇති කරන බවට චෝදනා කිරීමෙන් පසුවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles