Friday, April 26, 2024

ඉන්දීය විදේශ ඇමති ලතින් ඇමෙරිකාවේ සංචාරයක

සිය ලතින් ඇමෙරිකානු සංචාරය අතරතුර ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් පැනමාවේ දෙදින නිල සංචාරයකට එක්විය.
පැනමා විදේශ අමාත්‍යවරයා සමග සිදුකළ ද්වි පාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව පැවති ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජයිශංකර් පැවසුවේ ඉන්දියාව සහ පැනමාව සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සහ ඉන්දියානු ඖෂධ සඳහා පැනමාහි වෙළෙඳපොළක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.
ජායිශංකර් වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාව සහ ලතින් ඇමරිකාව අතර වෙළෙඳපොළ ගනු දෙනු නුදුරේදීම ඩොලර් බිලියන 50ක් ඉක්මවනු ඇති බවයි.
එස්. ජයිශංකර් පැනමා සංචාරයෙන් පසු, පැමිණියේ කොලොම්බියාව වෙතයි.
එහිදී ඔහු රජයේ, ව්‍යාපාරික සහ සිවිල් සමාජයේ ඉහළ නියෝජිතයින් කිහිප දෙනෙකු හමුවූ අතර ඉන්දීය විදේශ අමාත්‍යවරයෙක් කොලොම්බියාවේ නිල සංචරයක නිරත වන පළමු අවස්ථාව මෙය බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉන් අනතුරුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඩොමිනික් ජනරජයට පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles