Thursday, April 25, 2024

පකිස්තානයේ දරුණු මර්දන වෑයමක්

නීති පද්ධතියට හෝ නියෝග සදහා අභියෝග කරන ඕනෑම අයෙකු මර්ධනයට පසුබට නොවන බව පකිස්ථානයේ බලෝකිස්තාන ප්‍රාන්තයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Mir Ziaullah පවසයි.

ඔහු ඒ බව පැවසුවේ Haq Do Tehreek ක්‍රියාකාරීන් හා පොලීසිය අතර Gwadar හි ගැටුම් පවතින පසුබිමක් තුළයි.

එම ක්‍රියාකාරීන් විසින් ඉකුත් දා රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් කැදවා තිබූ අතර විරෝධතාකරුවන් විසින් Gwadar හි පොලිස් මූලස්ථානයේ ප්‍රධාන පිවිසුමට ද ගිනි තබා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එහිදී පොලීසිය සහ විරෝධතාකරුවන් අතර දරුණු ගැටුම් හටගත් අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

එහිදී විරෝධතාකරුවන් රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

බලෝකිස්තානයේ HDT ක්‍රියාකාරීන් හා පොලීසිය අතර මෙලෙස ගැටුම් හට ගත්තේ එම ක්‍රියාකාරීන් හා රජය අතර පවතින මතභේදාත්මක තත්ත්වයන්ට විසදුම් ගෙන ඒම සදහා පැවැති සාකච්ඡා අසාර්ථක වීම හමුවේයි.

HDT ව්‍යාපාරයේ නායක Mualana Hidayatur විසින් වැඩවර්ජනයක් කැදවීම හමුවේ Gwadar වරාය නගරයේ මෙහෙයුම් කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

වැඩවර්ජනය හමුවේ Gwadar හි පොදු ප්‍රවාහන සේවයට ද බාධා එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles