ත්‍රස්තවාදීන්ට එරෙහිව සම්බාධක අවහිර කිරීම ගැන චීනයට ඉන්දියාවෙන් දෝෂාරෝපණ

0
269
A masked protester sits next to a flag of Pakistan during an anti-Indian protest in Srinagar, November 25, 2016. REUTERS/Danish Ismail

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර්, සිය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල (UNGA) දේශනයේදී පාකිස්තානය පදනම් කරගත් ත්‍රස්තවාදීන්ට එරෙහිව සම්බාධක අවහිර කිරීම සම්බන්ධයෙන් චීනයට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

ඔහු මෙහිදී අවධාරණය කලේ ඉන්දියාව දේශසීමා ත්‍රස්තවාදයේ ගොදුරක් ලෙස පවතින බවයි.

යුක්රේන ප්‍රශ්නයේදී ඉන්දියාව සාමයේ පැත්තේ සිටින බවත්, ගැටුමට ඉක්මන් විසඳුමක් සෙවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ මෙන්ම ඉන් පිටතදීත් නිර්මාණශීලීව කටයුතු කිරීම සියලු දෙනාගේ සාමූහික අවශ්‍ය තාව බවත් ඔහු අවධාරණය කර තිබේ.

ඉන්දියාව සිටින්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට සහ එහි ආරම්භක මූලධර්මවලට ගරු කරන ස්ථාවරයේ බව ද ඔහු එහිදී පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1267 යෝජනාව මගින් ISIL, අල්කයිඩා ආශ්‍රිත පුද්ගලයන්, කණ්ඩායම්, ව්‍යාපාර සහ ආයතනවල ක්‍රියාවන් හෝ ක්‍රියාකාරකම් සඳහා සහාය දක්වන හෝ මූල්‍යකරණය කරන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව සම්බාධක සම්පාදනය කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලද යෝජනා කිහිපයක් චීනය විසින් අවහිර කර ඇති අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1267 අල්-කයිඩා සම්බාධක කමිටුව යටතේ ඉන්දියාවට වඩාත්ම අවශ්‍ය ත්‍රස්තවාදී ලෂ්කාර්-ඊ-ටයිබා සජිඩ් මිර් ගෝලීය ත්‍රස්තවාදියෙකු ලෙස ඇතුළත් කිරීමේ යෝජනාවක් සැප්තැම්බර් 16දා චීනය විසින් අත්හිටවනු ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here