Thursday, May 2, 2024

චීනයේ කොරෝනා රෙගුලාසි නිසා ආසියානු ආර්ථිකයේ හැඩය වෙනස් වෙයි.

චීන ආර්ථිකයේ කඩා වැටීම හමුවේ අග්නිදිග ආසියාවේ අනෙකුත් රටවල් වෙත මුදල් හා අයෝජන අවස්ථා ගලා එමින් ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

එම වාර්තා පවසන්නේ චීනයේ සහ හොංකොං රාජ්‍යයේ ක්‍රියාත්මක දැඩි කොරෝනා රෙගුලාසි හමුවේ ඔවුන්ගෙන් ගිලිහී යන ව්‍යාපාර අවස්ථා අග්නිදිග ආසියානු රටවලට පැමිණෙමින් ඇති බවයි.

ඒ අනුව 2021 වසරේදී සිංගප්පූරු ඩොලර් බිලියන 174 ක්ව පැවැති ඉන්දුනීසියාව විසින් මෙහෙයවනු ලබන අග්නිදිග ආසියාවේ අන්තර්ජාල ආර්ථිකය 2025 වසර වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 363 ක් දක්වා දෙගුණයකින් වර්ධනය වේ වැයි ආර්ථික විශේෂඥයින් පුරෝකථනය කර තිබේ.

පවතින තත්ත්වය අනුව ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් අග්නිදිග ආසියානු කලාපය තුළ ආයෝජනය කිරීමට හා ව්‍යපාර අවස්ථා නිර්මාණය කිරීමට මෙන්ම එම ප්‍රාග්ධනය යෙදවිමට ද කටයුතු කරමින් සිටින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

අග්නි දිග ආසියානු රටවල මෙන්ම ඉන්දියාව තුළ ආයෝජනය කිරීමට ද ආයෝජකයින් මේවනවිට විශාල උනන්දුවක් දක්වන බව ද ආර්ථික විශ්ලේෂකයින් පවසා තිබේ.

එයට හේතුව වී ඇත්තේ ඔවුන් චීනය පිළිබඳ විශ්වාසයක් නොමැති වීම නොව චීනය තුළ පවතින ආර්ථික කඩාවැටීම හමුවේ විදෙස් ආයෝජන සඳහා පවතින ආරක්ෂාව අඩුවීම බවද ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles