Saturday, July 27, 2024

ජනපති සමාව ගනියි….!

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ජේ ෂා ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශයට ඇද දැමූ බවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් සිය කණගාටුව ප්‍රකාශ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජේ ෂා අමතමින් ප්‍රකාශ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉන්දියාවේ The Hindu වෙත ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා (16) දිනයේ ජේ ෂා මහතාට කතා කළ බවයි.

එසේම ජේ ෂා ඉලක්ක කරමින් සිදු කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් තමා සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පාර්ලිමේන්තුවේ දී සමාව ඉල්ලා සිටි බව ද හරීන් ප්‍රනාන්දු මහතා සිය මාධ්‍ය ආයතනය සමග ප්‍රකාශ කළ බවයි The Hindu වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ.

මූලාශ්‍ර 
https://www.thehindu.com/news/international/ranil-calls-jay-shah-regrets-comments-targeting-him/article67543953.ece

Related Articles

Latest Articles