Wednesday, May 15, 2024

චීන ලොක්කියක් දිවයිනට…

මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය උපදේශිකා  ෂෙන් යින්කින් ( Shen Yiqin ) මහත්මිය  නිල සංචාරයක් සදහා ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණියාය .

ඇය සමග එරට තවත් උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ සිටියහ 

එම දූත පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සහ ක්‍රීඩා, තරුණ කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

Related Articles

Latest Articles