Monday, April 29, 2024

ක්‍රිකට් ලෝක කුසලානයේදී ඉන්දියාවට කරන්න යන දේ….

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ, වසර 20කට පසු එකිනෙකා හමුවන ඉන්දියා – ඔස්ට්‍රේලියා අවසන් මහා තරගය වෙනුවෙන් තරග සංවිධායකයින් උත්කර්ෂවත් සමාප්ති උත්සවයක් සංවිධාන කර තිබේ.

එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ ඉන්දියාව දෙවරක් එක්දින ලෝක ශූරයන් බවට පත්ව ඇති අතර ඔස්ට්‍රේලියාව 5 වතාවක් එක්දින ලෝක ශූරයන්ව ඇත.

වසර හතරකට වරක් පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව දිනාගැනීමේ අරමුණ පෙරදැරිකරගත් කණ්ඩායමේ දෙකේම ක්‍රීඩකයින් අද සිය අවසන් පුහුණු සැසියට එක්වුණි.

වසර 12කට පසුව එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක සත්කාරත්වය දරණ ඉන්දියාව මෙවර සමාප්ති උලෙළ විචිත්‍රවත් කිරීම සඳහා විශේෂංග රැසක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.

ඊට ඉන්දියන් ගුවන් හමුදාව නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයට ඉහළ අහසේ ඉදිරිපත් කිරීමට නියමිත සංදර්ශනය ද අයත්ය. 

එමෙන්ම 1975 වසරේ සිට මෙතෙක් එක්දින ලෝක ශූරයන් වූ කණ්ඩායම් පහේම නායකයින් අවසන් මහා තරගයට අරාධනා ලැබීම විශේෂත්වයකි. 

මේඅතර සාමන්‍ය දිනවලදී අහමදාබාද්හී හෝටල් කාමරයක් රුපියල් 1,500ක් පමණ වනඅතර ලෝක කුසලාන අවසන් මහා තරගය හේතුවෙන් මේ දිනවලදී හෝටල් කාමරයක මිල රුපියල් 10,000ක් පමණ වන බව අප වාර්තාකරු සඳහන් කළේය.

විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීමට වඩා තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් පවසා ඇත.

ඒ, 2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය අද (19) පැවැත්වීමට නියමිත ව තිබිය දී ය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම යනු, ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසු වන බව ද පැට් කමින්ස් පවසා තිබේ.

විශාල සෙනඟක් ඉදිරියේ ක්‍රීඩා කිරීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු දෙයක් හෝ අපහසු දෙයක් නොවන බව ද ඔහු සඳහන් කරයි.

අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ලක්ෂයකටත් වඩා අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වීමට නියමිතය.

සියලු ප්‍රේක්ෂකයන් පැහැදිලිවම ඒකපාර්ශ්වික වනු ඇති නමුත් නිල් පැහැති කමිස හැඳි ලක්ෂයකට වඩා විශාල සෙනඟක් නිෂ්ශබ්ධ ව සිටින බව ඇසීම තරම් තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු නායකයා පවසයි.

Related Articles

Latest Articles