චීනයේ විශ්‍රාම වැටුප් සහ වෛද්‍ය රක්‍ෂණ කපාහැරේ

0
297

චීනයේ ගුයෑන්ග්ශූ පළාතේ විශ්‍රාමිකයන්ට විශ්‍රාම වැටුප් සහ වෛද්‍ය රක්‍ෂණ ගෙවීම් අඩු කිරීමට එරෙහිව සමාජ ආරක්ෂණ කාර්යාංශය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබේ.

ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත් සේවය වාර්තා කර ති ආකාරයට චීනයේ කොවිඩ් වසංගතය නැවත ව්‍යාප්ත වීම රටේ දකුණු වාණිජ කේන්ද්‍රස්ථානයක් වන ගුයෑන්ග්ශූ වෙත දැඩිව බලපා ඇත.

ඒ අතර කොවිඩ් වසංගත සීමාවන් හදිසියේම අත්හැර දැමීමට චීන ජනාධිපති ෂී ජින්පින්ග් තීරණය කර සති තුනකට පසු ගුයෑන්ග්ශූ නගරය අනපේක්ෂිත සහ පාලනය කළ නොහැකි  වසංගත හා මූල්‍ය අවිනිශ්චිතතාවයකට මුහුණ දී ඇති බවත්, එය  යථා තත්ත්වයට පත්වීමට කාලයක් ගතවනු ඇති බවත් පැවැසේ.

වාර්තාවට අනුව, ඉදිරි දිනවලදී චීනයේ කොවිඩ් ආශ්‍රිත මරණ මිලියනයකට වඩා අපේක්ෂා කරන බවට අනාවැකි පළ වී තිබේ.

විශ්ලේෂකයින්ට අනුව, මේ වසරේ චීනයේ ආර්ථික වර්ධනය සියයට 2.8-3.2 දක්වා පහත වැටෙනු ඇති අතර එය වසර 50 කින් අඩුම අගය වනු ඇති බව පැවැසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here