Tuesday, April 16, 2024

දෙවියන් කුරිරු යැයි කියූ ලව් කුමාර් හිරේ

පාකිස්ථානයේ සින්ද් පළාතේ “ලව් කුමාර්” නමින් හැඳින්වෙන කුඩා පිරිමි ළමයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දෙවියන්ව “කුරිරු” ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් දේව අපහාස චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

පාකිස්තානයේ දේව අපහාස නීතිවල පවතින භයානක තත්වය වන්නේ, දේව අපහාස යන්න පැහැදිලිව නිර්වචනය නොකිරීමයි. පසුගිය මාසයේ සිදු වූ මෙම නවතම සිද්ධිය මෙම අපැහැදිලි බව සඳහා පැහැදිලි උදාහරණයකි.

“ලව් කුමාර්” ලෙස හදුන්වනු ලැබූ මෙම කුඩා පිරිමි ළමයා නොවැම්බර් 22 වන දින අතුරුදහන් ව සිටි අතර. ඔහු සිරගතව සිටින බව දෙසැම්බර් 27 වන දින දැනුම් දෙන තුරු ඔහුගේ පවුලේ අය ඔහු සිටියේ කොහේදැයි නොදැන සිටි බව වාර්තා වේ.

පාකිස්ථානයේ මරණීය දණ්ඩනයට යටත් වන අපරාධයක් වන දේව අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට විධිමත් ලෙස චෝදනා එල්ල වී ඇති බව වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

පිරිමි ළමයාගේ මෙම සමාජ මාධ්‍ය ප්‍රකාශයට පදනම් වී ඇත්තේ, පාකිස්ථානයේ හින්දු ගැහැණු ළමයින් පැහැරගෙන ගොස් බලහත්කාරයෙන් ඉස්ලාම් ආගමට හැරවීම ගැන  බවයි වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

“අනේ ස්වාමීනි, ඔබේ තීරණ වල කුරිරුම පුද්ගලයා ඔබයි!”  යනුවෙන් ඔහු සමාජ මාධ්‍යයේ සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles