Friday, April 26, 2024

ඉන්දියා-චීන වෙළඳාම ඉහළට

චීන රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, ඉන්දියාව සහ චීනය අතර වෙළඳාම 2022 දී ඇමරිකානු ඩොලර් බිලියන 135.98 දක්වා ඉහළම අගයට ළඟා වූ බව වාර්තා වෙයි.

එම චීන දත්ත අනුව, චීනය සමඟ ඉන්දියාවේ වෙළඳ හිඟය පළමු වරට ඇමරිකානු ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.

2022 සඳහා වන සමස්ත ඉන්දීය-චීන වෙළඳාම බිලියන 135.98 දක්වා ඉහළ ගොස් ඇති අතර, වසරකට පෙර වාර්තා වූ ඇමරිකානු ඩොලර් බිලියන 125 සීමාව අභිබවා ගොස් 8.4 කින් වෙළඳාම ඉහළ ගොස් ඇති බව රේගු දත්ත අනාවරණය කරයි.

එහිදී චීනය ඉන්දියාවට කරන ලද අපනයන ඩොලර් බිලියන 118.5 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරවලට සාපේක්ෂව සියයට 21.7ක වැඩිවීමකි.

2022 දී, ඉන්දියාවෙන් චීනය වෙත සිදු කල ආනයනය ඩොලර් බිලියන 17.48 දක්වා අඩු වූ අතර, එය පෙර වසරවලට සාපේක්ෂව සියයට 37.9 ක පහත වැටීමකි.

ඉන්දියාව සඳහා වෙළඳ හිඟය ඩොලර් බිලියන 101.02 ක් වූ අතර එය 2021 වාර්තා වූ ඩොලර් බිලියන 69.38 ඉක්මවා ගොස් ඇත.

දෙරට අතර වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් බිලියන 100 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles