සමන්තා පවර් ජනපති සමග සාකච්ඡාවක..

0
418

දිවයිනට පැමිණි ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ සමන්තා පවර් මහත්මිය මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡාවක නිරත වී සිටිනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මෙම සංචාරයේදී රටේ පවතින ආර්ථික ගැටළු, ඉන්ධන අර්බුදය ඇතුළු කරුණු රැසක් පිළිබඳව ඇය අවදානය යොමු කිරීමට නියමතව තිබුණා.

එහි එක් අදියරක් ලෙස ඊයේ(10) ගොවීන් පිරිසක් හමු වී ඔවුන්ගේ ගැටළු පිළිබඳව ද සමන්තා පවර් මහත්මිය සාකච්ඡා පැවැත්වූ අතර පොහොර හිඟය, බීජ හිඟය සහ තවත් කරුණු රැසක් පිළිබඳව එහිදී අවදානය යොමුව තිබූ බව සඳහන්.

එසේම ඇය ගොවීන් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 40ක ප්‍රදානයක් සිදුකිරීමට ද කටයුතු කරන බවයි ප්‍රකාශ කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here