ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායම්වලින් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම පියවර

0
277

ඉන්දියාවේ සභාපතිත්වය යටතේ, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) කලාපීය ත්‍රස්ත විරෝධී ආයතනය පසුගියදා ඇෆ්ගනිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ත්‍රස්ත කණ්ඩායම්වලින් එල්ල වන තර්ජන මැඩපැවැත්වීම සඳහා සංවිධානයේ සාමාජික රටවල ඒකාබද්ධ ක්‍රියාමාර්ග අනුමත කර තිබේ.

SCO හි කලාපීය ත්‍රස්ත විරෝධී ව්‍යුහයේ රැස්වීමට ඉන්දීය ජනරජය, කසකස්තාන් ජනරජය, මහජන චීන සමූහාණ්ඩුව, කිර්ගිස් ජනරජය, පාකිස්තානයේ ඉස්ලාමීය ජනරජය, රුසියානු සමූහාණ්ඩුව, ටජිකිස්තාන් ජනරජය, උස්බෙකිස්තාන් ජනරජය සහ SCO හි විධායක කමිටුවේ නිසි බලධාරීන්ගේ නියෝජිතයෝ සහභාගී වූහ.

මෙහිදී ඇෆ්ගනිස්ථාන භූමියෙන් ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන එල්ල කරන අභියෝග සහ තර්ජන මැඩපැවැත්වීම සඳහා ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සාමාජික රටවල නිසි බලධාරීන්ගේ ඒකාබද්ධ ක්‍රියාමාර්ග අනුමත කරන ලදී.

ත්‍රස්තවාදී, බෙදුම්වාදී සහ අන්තවාදී අරමුණු සඳහා අන්තර්ජාලය භාවිතා කිරීම වැළැක්වීම මෙන්ම SCO සාමාජික රටවල නිසි බලධාරීන්ගේ තාක්ෂණික විශේෂඥයින්ගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම් මෙහිදී අනුමත කළ බව විදෙස් වාර්තා පවසයි.

SCO සාමාජික රටවල “සහයෝගීතාවය – 2023” හි නිසි බලධාරීන්ගේ දේශසීමා සේවාවන්හි බලවේග හා මාධ්‍යයන් සමඟ ඒකාබද්ධ දේශසීමා මෙහෙයුමක් සංවිධානය කිරීමට සහ පැවැත්වීමට ද තීරණය කර තිබේ.

SCO කලාපීය ත්‍රස්ත විරෝධී කවුන්සිලයේ මීළඟ රැස්වීම 2023 මාර්තු මාසයේදී ටෂ්කන්ට් හිදී පැවැත්වීමට එකඟතාවයකට පැමිණ ඇති අතර එහිදී කවුන්සිලයේ සභාපතිත්වය ඉන්දීය ජනරජයෙන් කසකස්තාන් ජනරජයට ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here