විරෝධතාවකට බියෙන් පකිස්තානය ආර්ක්ෂාව තර කරයි.

0
319
People wave flags and celebrate at a national day rally during the country's 69th Independence Day in Peshawar, Pakistan, August 14, 2015. REUTERS/Khuram Parvez

පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර ආර්ක්ෂාව තර කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ එරට ප්‍රධාන විපක්ෂය වන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන පකිස්තාන ටරීක් ඊ ඉන්සාෆ් පක්ෂය කැදවා ඇති ප්‍රභල විරෝධතාව හමුවේයි.

ඒ අනුව අගනුවර ආරක්ෂාව තහවුරු කිරීම සදහා ආරක්ෂක අංශ සාමාජිකයින් විශාල පිරිසක් ඉස්ලාමාබාද් නුවර පුරා ස්ථාන ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

විරෝධතාකරුවන් පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක අංශ සාමාජිකයින් 13,000 ක් පමණ අගනුවරට කැදවා ඇත.

ඔවුන් කදුළු ගෑස් ගම්මිරිස් ප්‍රහාර එල්ල කළ හැකි පරිදි සන්නද්ධ වී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

තත්ත්වය දරුණු වුදහොත් එය මැඩපැවැත්වීමට හා විරෝධතාකරුවන් පාලනය කිරීමේ අරමුණින් ආරක්ෂක අංශයේ තවත් පිරිසක් ඉස්ලාමාබාද් නුවර සූදානම් කර ඇතැයි සදහන්.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිවේදනය කර ඇත්තේ විරෝධතාමාලාව ලාහෝර් නගරයෙන් අ දිනයේ දී ආරම්භ කරන බවයි.

එය ලබන 4 වනදා ඉස්ලාමාබාද් නුවරට ලගාවීමටයි මේවනවිට සැලසුම් කර ඇත්තේ.

මුහුණ ආවරණ, පොරවන, තුවා, අමතර ඇදුම්, කූඩාරම් වැනි නවාතැන් ගැනීමට අවශ්‍ය භාණ්ඩ රැගෙන එන ලෙස ද PTI පක්ෂය සිය පාක්ෂිකයන් වෙත දැනුම් දී ඇත.

PTI පක්ෂය මෙම විරෝධතාව කැදවා ඇත්තේ වහා මැතිවරණයක් පවත්වන ලෙස රජයට බල කරමින්.

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතාව පාලනය කිරීම සදහා ෂෙබාස් ශරීෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත් පකිස්තාන රජය රුපියල් මිලියන 410 ක් වෙන් කර ඇති බවයි.

30,000 කින් යුත් ආරක්ෂක අංශ බලඇණියක් සූදානම් කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය ආහාර, ප්‍රවාහන පහසුකම් මෙන්ම විරෝධතාකරුවන්ට එරෙහිව සන්නද්ධ වීමටත් එම මුදල් වෙන් කර ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here