ෂැංහයි සහයෝගීතා සමුලුවට පාකිස්තාන අගමැතිගේ සහභාගීත්වය තහවුරු කෙරේ

0
236

ලබන සතියේ අතථ්‍ය ආකාරයෙන් පවත්වනු ලබන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක කවුන්සිලයේ 23 වැනි රැස්වීමට පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහභාගී වීමට නියමිත බව පාකිස්තානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කරනු ලැබීය.
පකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් වෙත මෙම ආරාධනය කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසිනි.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායකයින්ගේ හමුව වීඩියෝ සම්මන්ත්‍රණ ආකෘතියෙන් ජූලි මස 4 වැනිදා පැවැත්වේ.
ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ඉහළම ආකෘතිය වන ඉදිරි රාජ්‍ය නායක කවුන්සිලයේදී නායකයින් සැලකිය යුතු ගෝලීය සහ කලාපීය ගැටළු සාකච්ඡා කරනු ඇති අතර සාමාජික රටවල් අතර අනාගත සහයෝගීතාවයේ දිශාව තීරණය කරනු ඇත.
මෙවර රාජ්‍ය නායක කවුන්සිලයේ වැදගත් කරුණක් නම්, සංවිධානයේ නව සාමාජිකයෙකු ලෙස ඉරානය පිළිගනු ලැබීමයි.
මෙවර රාජ්‍ය නායක හමුව සඳහා ජාත්‍යන්තර සහ කලාපීය සංවිධාන හයක ප්‍රධානීන්ට ද ආරාධනා කර ඇත.
ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සභාපතීත්වය ඉන්දියාව විසින් හොබවනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here