ඉන්දුනීසියාවේ නව හමුදා ප්‍රධානියා දකුණු චීන මුහුදේ විශේෂ මෙහෙයුමක් සැලසුම් කරයි

0
467

ඉන්දුනීසියානු හමුදාවේ නව ප්‍රධානියා දකුනු චීන මුහුද ආසන්නයේ මුර සංචාරයේ යෙදෙන අතරතුර එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් සමග විශාල ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමට සැලසුම් කරමින් ඇතැයි වාර්තා වේ.

හමුදාවේ නව ප්‍රධානියා ලෙස දිවුරුම් දුන් අද්මිරාල් යූඩෝ මාර්ගෝනෝ, ජෝකෝ ජොකෝවි විඩෝඩෝගේ ජනාධිපති ධුරය යටතේ නාවික හමුදාවෙන් පැමිණෙන ඉන්දුනීසියානු සන්නද්ධ හමුදාවේ පළමු ඉහළම අණදෙන නිලධාරියා වේ.

මාර්ගෝනෝ පසුගියදා කියා සිටියේ මීට පෙර ගරුඩා පලිහ ලෙස හැඳින්වූ ඉන්දුනීසියානු සහ එක්සත් ජනපද හමුදාවන් පමණක් සම්බන්ධ කර පැවති වාර්ෂික ඒකාබද්ධ අභ්‍යාසය වඩා විස්තීර්ණ සහ පුළුල් කිරීමට තමා සැලසුම් කර ඇති බවයි.

පසුගිය අගෝස්තු මාසයේදී මාර්ගෝනෝ ගේ පූර්වගාමියා වූ ජෙනරාල් අන්දික ෆකාසා යටතේ එම අභ්‍යාසය මෙතෙක් පැවති විශාලතම පරිමාණය බවට පත් කරනු ලැබීය. ඊට එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළුව රටවල් 13 ක් සහභාගී විය.

ජකර්තා හි ජනාධිපති මන්දිරයේ දී දිවුරුම් දීමෙන් පසු, මාර්ගෝනෝ පැවසුවේඋතුරු නැටුනා මුහුදේ දේශසීමා සුරක්ෂිත කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

ඉන්දුනීසියාවේ ඈතින් පිහිටි නැටුනා දූපත් වලට උතුරින් පිහිටි මුහුදු ප්‍රදේශය රටේ සුවිශේෂී ආර්ථික කලාපයේ කොටසකි.

2017 දී ඉන්දුනීසියාව විසින් උතුරු නැටුනා මුහුද නම් කිරීමට බීජිං විරෝධය පළ කර ඇති අතර, චීන ධීවර යාත්‍රා සහ වෙරළාරක්ෂක නැව් මෑත වසරවලදී බොහෝ විට එම මුහුදු සීමාවට ඇතුළු වී ඉන්දුනීසියාව සමඟ ආතතීන් ඇති කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here