Thursday, March 28, 2024

SPAවල තරුණියන්ට කොවිඩ් – ආගිය පිරිසගේ තොරතුරුත් නෑ

බත්තරමුල්ල සහ පැලවත්ත ප්‍රදේශවල සම්භාහන මධ්‍යස්ථාන දෙකකින් කොවිඩ් ආසාදිතයන් හමුවූ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා liveat8.lk වෙබ් අඩවියට සඳහන් කළා.

ඔහු කියා සිටියේ පැලවත්ත ප්‍රදේශයේ සම්භාහන මධ්‍යස්ථානයක් නීති විරෝධීව පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි තරුණියන් දෙදෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගත් බවයි.

එමෙන්ම බත්තරමුල්ලට ආසන්න ටී.සී. ගාර්ඩ්න් ප්‍රදේශය ආසන්නයේ පවත්වාගෙන ගිය ස්ථානයකින් ද කොවිඩ් රෝගී තරුණියන් හමුව තිබෙනවා.

මෙම සම්භාහන මධ්‍යස්ථානවලට පැමිණි පුද්ගලයන්ගේ ලේඛනයක් හෝ එම ස්ථානවල නොමැති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා cia වෙබ් අඩවියට අනාවරණය කර සිටියා.

මේ හේතුවෙන් දැඩි අර්බුධයකට මුහුණ දීමට සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles