Thursday, April 25, 2024

චීනයේ කොරෝනා මර්ධන එන්නත් ගැන ලෝකය බියෙන්.

චීනය තුළ හදිසියේ කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමත් සමග එරට නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ චීනයේ කොරෝනා මර්ධන එන්නත්වල ඇති කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව සම්බන්ධයෙන ජාත්‍යන්තරය තුළ දැඩි කතාබහක් මතුව ඇති බවයි.

චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත් අනුමත කළ රටවල් මේවනවිටත් ඒවායේ භාවිතය සම්බන්ධයෙන් අනපේක්ෂිත තත්ත්වකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත් අනුමත කළ තුර්කිය මේවනවිටත් එහි කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි Tibet Press වාර්තා කරයි.

චීනය තුල යළිත් සීග්‍රලෙස කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සහ මරණ ඉහළ යාම හමුවේ තායිලන්තය සහ සිංගප්පූරුව චීනයේ නිෂ්පාදිත කොරෝනා මර්ධන එන්නත් භාවිතය අත්හිටුවා ඇතැයි ද Tibet Press වාර්තා කර තිබේ.
a
චීන එන්නත් ඉවත් කළ එම රටවල් මේවනවිට ඉන්දියාවේ නිෂ්පාදිත AstraZeneca සහ ආනයනික Pfizer එන්නත් භාවිතය ඉහළ් නංවා ඇතැයි Tibet Press වැඩිදුරටත් වාර්තා කර තිබේ.

චීනය ඔවුන් නිෂ්පාදිත Sinopharm එන්නතේ මාත්‍රා බිලියන 2.4 ක් චීන වැසියන්ට එන්නත් කර ඇත.

2022 වනවිට චීනය ලොව පුරා බෙදාහැර ඇති Sinopharm එන්නත් ම්‍රාතා ප්‍රමාණය බිලියන 3.5 ක්.

චීන කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා වැඩි වශයෙන් භාවිත කළ රටවල් වන්නේ ඉන්දුනීසියාව, බ්‍රසීලය, පකිස්තානය, තුර්කිය, ඉරානය, පිලිපීනය, මොරොක්කෝව, තායිලන්තය, ආජන්ටිනාව, වෙනිසියුලාව, කාම්බෝජය, ශ්‍රී ලංකාව, චිලී රාජ්‍යය, මෙක්සිකෝ සහ බංග්ලාදේශයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles