තලේබාන් සාමාජිකයන් 1895කට වැඩ වරදී

0
398

තලේබාන් සංවිධානයේ සාමාජිකයන් 1895 දෙනෙකු එම සංවිධානයෙන් නෙරපා හැර තිබේ.

ඒ පසුගිය අගෝස්තු මාසයේ සිට ගතවූ කාල සීමාවේදී අයථා ක්‍රියාවල නිරත වීම හේතුවෙනි.

තලේබාන් සාමාජිකයන් සිය බලය යොදාගනිමින් සාමාන්‍ය ජනතාවට හිරිහැර කරන බවට දිගින් දිගටම චෝදනා එල්ල වී තිබිණ.

ඒ අනුව එම සංවිධානය විසින් ඒ පිළිබද කරැණු සොයා බැලීම සදහා ප්‍රතිශෝධන කොමිසමක් පත්කරනු ලැබූ අතර එම කොමිසම විසින් මෙම පිරිස සංවිධානයෙන් නෙරපා හැරීමට කටයුතු සළසා ඇතැයි පැවසේ.

කෙසේවෙතත්, ඇතැම් වාර්තා සදහන් කරන්නේ ලෝකය හමුවේ මෙවැනි පියවරක් අනුගමනය කළ ද තලේබාන් සංවිධානයේ අත්තනෝමතික කටයුතු වැළක්වීමට මෙය ප්‍රමාණවත් නොවන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here