ගැහැනු දරුවන්ට පාසල් තහනම් කිරීම ගැන දැඩි විරෝධයක්

0
527
A Taliban fighter guards a street in Kabul, Afghanistan, December 16, 2021. REUTERS/Ali Khara - RC2KFR9ZOSXO

ඇෆ්ගන් ගැහැනු ළමුන් සඳහා ද්විතීයික පාසල් වසා දැමීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයා (UNHCR) දැඩි කණස්සල්ල සහ විරෝධය පළ කර තිබේ.

ආර්ථික අර්බුදය , කාන්තා ගුරුවරුන්ගේ හිඟකම ආදිය හේතු ලෙස ඉදිරිපත් කරමින් බාලිකා පාසල් නැවත ඉක්මනින් විවෘත කරන බව තලේබාන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශ කළ ද සැබෑ හේතු ඒවා නොව ගැහැණු දරැවන්‍ට අධ්‍යාපනය ලබාදීම සීමා කිරීමේ මාර්ග බව අන්තර්ජාතික නිරීක්ෂකයෝ පවසති.

මේ අතර හයවන ශ්‍රේණියට ඉහළ ගැහැනු ළමුන්ගේ පාසල් තහනමට ප්‍රතිචාර වශයෙන් ප්‍රංශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තලේබාන් පාලනයේ නිලධාරීන්ට එරෙහිව සම්බාධක පනවන ලෙසට ඉල්ලීමක් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ප්‍රංශ පාර්ලිමේන්තුවේ සාමාජිකයින් 50කට වැඩි පිරිසක් ප්‍රංශ ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තු කථානායකවරයාට ලිපියක් යවමින්, තලේබාන් නිලධාරීන්ට සංචාරක සම්බාධක පනවන ලෙස ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here