තලේබාන් සංවිධානය ජාත්‍යන්තර නීතියටත් පිටුපායි.

0
597
Afghan girls sit in a classroom at a school in Kabul, Afghanistan, September 18, 2021. WANA (West Asia News Agency) via REUTERS ATTENTION EDITORS - THIS PICTURE WAS PROVIDED BY A THIRD PARTY. - RC24SP996PQP

ගැහැණු දරුවන් සඳහා ද්විතීයික පාසල් සහ උසස් පාසල් වසා දැමීමේ තලෙයිබාන් තීරණය, ද්විතීයික සහ උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය සැමට ලැබිය යුතු බවට වන ජාත්‍යන්තර නීති බැඳීම්වලින් ඉවත් වීමක් බව අන්තර්ජාතික විශේෂඥයන් අවධාරණය කර තිබේ.

තලේබාන් පාලන තන්ත්‍රය හඳුනා නොගත් රාජ්‍යයක් වන බැවින්, ඇෆ්ගනිස්ථානයේ පෙර පාලන තන්ත්‍රයන් විසින් එකඟ වූ කිසිදු ජාත්‍යන්තර ගිවිසුම් හෝ සම්මුතිවලට එය බැඳී නොමැති බවට තර්ක කළ හැකි නමුත් එමඟින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම වැනි ජාත්‍යන්තර නීතියේ කිසිදු සම්මුතියකින් ප්‍රතිලාභ ලැබීමට තලෙයිබාන් පාලනය වෙත අවස්ථාවක් නොලැබෙනු ඇතැයි Globa Watch වාර්තාව පෙන්වා දී තිබේ.

එසේ වුවහොත් ඇෆ්ගනිස්ථානයේ තහනම් කර ඇති විදේශ සංචිත නිදහස් කරන ලෙස ඉල්ලා සිටීමට තලෙයිබාන් පාලනයට කිසිදු ඉඩක් නොමැති බව ද එම වාර්තාව පවසයි.

ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 1989 (CRC) 28 වැනි වගන්තිය යටතේ රාජ්‍ය පාර්ශවයන් විසින් “ප්‍රාථමික අධ්‍යාපනය අනිවාර්ය කිරීම සහ සැමට නොමිලේ ලබා දීම” අනිවාර්යය වේ.

එම වගන්තිය යටතේ රාජ්‍ය පාර්ශවයන් ද්විතීයික සහ උසස් අධ්‍යාපනය සඳහා සැමට ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීමට බැඳී සිටින බව Global Watch වැඩිදුරටත් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here