ජනතාව කබලෙන් ලිපට…

0
420
ali sabry

වර්තමානයේ මෙරට ක්‍රියාත්මක වන වැට් බදු ප්‍රතිශතය නියත වශයෙන්ම තිරසර නොවන අතර, එය, ඉහළ නැංවීම හැර විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

බී බී සී ප්‍රවෘත්ති සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ මුදල් අමාත්‍යවරයා 2019 වසරේදී වත්මන් රජය විසින් වැට් බදු සියයට 8 දක්වා පහත හෙළීම වැරදි සහගත තීරණයක් බව පිළිගත්තා.

එමෙන්ම වැට් බදු අනුපාතය සියයට 13 ක් හෝ 14 ක් දක්වා ඉහළ නැංවිය යුතු බවයි ඔහු සඳහන් කළේ. වර්තමාන දේශපාලන අර්බුදයට මුල් වී ඇත්තේ ආර්ථික අර්බුදයයි. ඒ සඳහා විසඳුම් සෙවීමට ප්‍රමුඛත්වය ලබාදිය යුතු අතර, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීම ප්‍රමාද වූ බව ද වැඩිදුරටත් මුදල් අමාත්‍ය අලි සබ්රි බී බී සී ප්‍රවෘත්ති සේවයට ප්‍රකාශ කළේ ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here