Sunday, May 19, 2024

ගෑස් මිල පහලට ?

මෙරට පාරිභෝගිකයන්ට අඩු මිලට ගෑස් ලබාදීම සඳහා නව සැපයුම්කරුවෙකු තෝරාගෙන ඇති බව ලිට්රෝ සමාගම පවසනවා.

එහි සභාපති විජිත හේරත්  කියා සිටියේ තායිලන්තයේ සියාම් ගෑස් සමාගම මෙලෙස තෝරාගෙන ඇති බවයි. එම සමාගම මගින් පසුගිය වසර දෙක තුළ ගෑස් ආනයනය කළ සමාගමෙන් ගෑස් ලබාගත් මිලට වඩා මෙට්‍රික් ටොන් එකකට ඇමරිකානු ඩොලර් 9 ක් අඩුවෙන් ලබාගත හැකි බව ඔහු සඳහන් කළේ ය.

මෙතෙක් ගෑස් ආනයනය කළ ඕමාන සමාගමෙහි ගිවිසුම් කාලය මේ මස තුළ දී අවසන් වන අතර ඒ අනුවයි ලබන මස සිට ඉදිරි වසර 2 සඳහා මෙරටට ගෑස් ආනයනය කිරීමට නව සමාගමක් තෝරා ගැනීමට ටෙන්ඩර් කැඳවනු ලැබුවේ.

ඕමාන සමාගම සමග මගින් මෙරටට එවන ලද අවසන් ගෑස් නෞකාව ඊයේ (29) මෙරටට ළඟා වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles