පකිස්තානයට අවි සැපයීමේ ඇෆ්ගනිස්තාන ජාවාරමක් පිළිබඳ හෙළිවේ.

0
470

පාකිස්ථානයට ආයුධ ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධ ජාවාරම්කරැවෙකු කන්දහාර් පළාතේදී අත්අඩංගුවට ගත් බව ඇෆ්ගනිස්තාන ප්‍රාදේශීය තලේබාන් නිලධාරීහු පවසති.

මැයි මස 28 වැනිදා, ස්පින් බෝල්ඩාක් හරහා සැලකිය යුතු ප්‍රමාණයක ආයුධ සහ පතොරම් ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මොහු තලේබාන් හමුදා විසින් අත්අඩංගුවට ගත් බව බක්තාර් රාජ්‍ය පුවත් ඒජන්සිය ප්‍රකාශ කරයි.

කලෂ්නිකොව් ස්වයංක්‍රීය ගිනි අවි හතරක්, එම් 16 අවි තුනක්, PK මැෂින් තුවක්කු තුනක්, බර මැෂින් තුවක්කු උණ්ඩ 900ක්, අත් බෝම්බ 33ක් සහ අනෙකුත් පතොරම් සැකකරු ළඟ තිබී සොයා ගෙන ඇති බව අදාළ වාර්තාවේ දැක්වේ.

ඝස්නි පළාතේ තලේබාන් ආරක්ෂක නිලධාරීන් මීට පෙරද පාකිස්තානයට ආයුධ ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

ඇෆ්ගනිස්තාන රජය බිඳවැටීමෙන් පසු හමුදා උපකරණ ඇෆ්ගනිස්ථානයෙන් සහ අසල්වැසි රටවලට, ප්‍රධාන වශයෙන් පාකිස්ථානයට හොර රහසේ ගෙන ආ බවට චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here