මුලු රටටම විදුලිය නැති වෙයි..

0
359

බෝම්බ ප්‍රහාර හේතුවෙන් යුක්රේනය පුරා විදුලිය ඇනහිටීම රුසියාව මනුෂත්වයට එරෙහිව සිදු කරන අපරාධක් බව ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි මහතා පවසනවා.

විදුලිය ඇනහිටීම හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් වසා දැමීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළේ, රුසියානු මිසයිල ප්‍රහාර හේතුවෙන් බිඳ වැටුණු රටේ විදුලිබල ජාලයෙන් අඩකට වඩා ප්‍රතිසංස්කරණය කිරීමට සිදුව ඇති බවයි.

නිව්යෝක්හි ජගත් ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් අමතමින් සෙලෙන්ස්කි ජනාධිපතිවරයා කියා සිටියේ, ශීත ඝෘතුව ආරම්භ වීමත් සමඟ මිලියන සංඛ්‍යාත ජනතාවකට විදුලිබලය, ජලය නොමැතිව උණුසුමෙන් තොර ව රැදී සිටීමට සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here