ලොව ප්‍රථම Inhaled කොවිඩ් එන්නතට අනුමැතිය හිමි වෙයි.

0
479

ආශ්වාස කිරීම හරහා ලබා දෙන කොවිඩ් එන්නතකට අනුමැතිය දුන් පළමු රට බවට චීනය පත්ව තිබෙනවා.

එම විශේෂිත වූ කොවිඩ් එන්නත නිෂ්පාදනය කරනු ලබන්නේ Can Sino ආයතනය විසින්.

අදාළ ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද සාමාන්‍ය කොවිඩ් එන්නතේ අඩංගු සංඝටක භාවිතයෙන් මෙම එන්නත නිෂ්පාදනය කර ඇති බව සඳහන්.

එමෙන්ම Inhaled Covid vaccine එක කොවිඩ් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරය හැඩගස්වන බව සඳහන්.

Can Sino ආයතනය පවසන්නේ, අදාළ ඖෂධය එක් වරක් ආශ්වාස කිරීමෙන් පමණක් කොරෝනාවෛරසයට එරෙහිව ආරක්ෂාවක් සැලසෙන බවයි.

මීට අමතරව ආශ්වාස එන්නත් නිපදවීම සඳහා බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව ද පර්යේෂණ සිදු කරමින් සිටින බව සඳහන්.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here