ඉදිරි දිනවලදී පිරවුම්හල් තුල ඉන්ධන හිඟතාවයක් ඇති විය හැකියි – ලංකා ඛණිජ තෙල් සංස්ථාව

0
588

දිවයින පුරා විවිධ නගරවල මාර්ග අවහිරකරමින් විරෝධතා පැවැත්වීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමට බාධා මතුව ඇති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

එම සංස්ථාව සඳහන් කළේ ඒ හේතුවෙන් ඊයේ දිනයේත් ඇතැම් ඉන්ධන බවුසර් නැවත ගෙන්වා ගැනීමට සිදුවූ බවයි.

ඒ අනුව ඉදිරි දිනවලදී පිරවුම්හල් තුල ඉන්ධන හිඟතාවයක් ඇති විය හැකි බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පෙන්වා දෙනවා.

බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඉදිරි දින දහයකට ප්‍රමාණවත් පරිදි පෙට්‍රල් තොගද සති 2 කට ප්‍රමාණවත් ඩීසල් තොගද සංස්ථාව සතුව පවතින බවයි.

කෙසේ වෙතත් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක සුපුරුදු පරිදි ඊයේත් දිගු පෝලිම් පැවති බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here