චීන ආර්ථිකයේ අලුත්ම තර්ජනය

0
286
A Chinese flag is seen in front of the Friendship bridge over the Yalu River connecting the North Korean town of Sinuiju and Dandong in China's Liaoning Province, April 1, 2017. REUTERS/Damir Sagolj

චීනයේ මහා පරිමාණ සමාගම් වසර ආරම්භයේ සිට විශාල සේවක කප්පාදුවක නිරතව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) නිල නිවේදනයකට අනුව, වයස අවුරුදු 16 සිට 24 දක්වා නාගරික තරුණ තරුණියන් අතර විරැකියා අනුපාතය මේ වසරේ අප්‍රේල් මාසයේදී සියයට 20.4 දක්වා ළඟා විය.
මෙම වසරේ, චීන විශ්ව විද්‍යාල උපාධිධාරීන් සංඛ්‍යාව මිලියන 11.58 දක්වා ළඟා වී ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව 820,000 ක වැඩිවීමකි.
ඊට සමගාමීව, ප්‍රධාන චීන සමාගම් සේවක කප්පාදු හරහා රැකියා වෙළෙඳපොළ දැඩි පීඩනයකට ලක් කර තිබේ.
ගෝලීය උපදේශන සමාගමක් වන AlixPartners හි සමීක්ෂණ වාර්තාවකට අනුව, ආර්ථික පසුබෑම සහ තීව්‍ර වන භූ දේශපාලන අර්බුද හේතුවෙන් ප්‍රධාන සමාගම්වලින් සියයට 17ක් දැනටමත් සේවක කප්පාදු කිරීම් ආරම්භ කර ඇත.
තවද, සමීක්ෂණයට ලක් වූ සමාගම්වලින් සියයට 43ක් ඉදිරි වර්ෂයේදී සේවකයන් ඉවත් කිරීමට හෝ බඳවා ගැනීම් නතර කිරීමට සැලසුම් කර තිබේ.
ByteDance, Tencent, සහ JD.com ඇතුළු ප්‍රමුඛ චීන අන්තර්ජාල තාක්‍ෂණ දැවැන්තයින් මේ වසර මුලදී මෙම ක්‍රියාමාර්ගවලට යොමු විය.
මෙම ව්‍යවසායන් විසින් සිදු කරනු ලබන මහා පරිමාණ සේවක කප්පාදුව සේවයෙන් පහ කරන ලද සේවකයින් සහ නැවුම් උපාධිධාරීන් යන කණ්ඩායම් දෙකකට සෘජුවම බලපා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here