Tuesday, May 21, 2024

මිලිටරි ගිවිසුම් වෙනුවට පුළුල් හවුල්කාරිත්වයන් තෝරා ගන්නා ඉන්දියාව

භෞමික හිමිකම් ඇතුළු චීනයේ ආක්‍රමණශීලී සැලසුම් වලක්වාලීම සඳහා ඉන්දු-පැසිෆික් කලාපයේ සහ ඉන්දියානු සාගර කලාපයේ ඉන්දියාවේ ආරක්ෂක උපායමාර්ග පදනම් වී ඇත්තේ මිලිටරි සන්ධාන මත නොව එක්සත් ජනපදය ඇතුළු සමාන අදහස් ඇති රටවල් සමඟ හමුදා හවුල්කාරිත්වයන් මත බව ‘ද ඉකොනොමික් ටයිම්ස්‘ වෙබ් අඩවිය වාර්තා කරයි.

එහි ඉලක්කය වන්නේ හොඳින් ස්ථාපිත ජාත්‍යන්තර නීතිරීති සහ ගිවිසුම් සියලු පාර්ශ්වයන් විසින් ගරු කරනු ලබන සහ ස්ථාවර ඉන්දියානු සාගර කලාපයක් සහ ඉන්දු පැසිෆික් කලාපයක් නිර්මාණය කිරීම බවයි අදාල වාර්තාවේ දැක්වෙන්නේ.

හම්බන්තොට වරාය සහ ජිබුටි වරායට අමතරව චීන පකිස්ථාන ආර්ථික කොරිඩෝව සහ චීන මියන්මාර ආර්ථික කොරිඩෝව හරහා ඉන්දියානු සාගර කලාපයේ චීනයේ දිගුකාලීන ඉලක්ක ගැන නවදිල්ලිය අවධානයෙන් සිටී.

නියෝජ්‍ය ආරක්ෂක උපදේශක වික්‍රම් මිස්රි විසින් සිංගප්පූරුවේ පැවති ෂැංග්‍රිලා සංවාදයේදී ඉන්දියාවේ ස්ථාවරය ප්‍රකාශ කරනමින් පැවසුවේ, ඉන්දියාව මිලිටරි සන්ධානවලට හවුල් වීමට විශ්වාස නොකරන නමුත් තමන් කොටසක් වන සියලුම යාන්ත්‍රණවල සමාන සහභාගිවන්නෙකු ලෙස සලකයි.

ඉන්දියාව, ඉන්දියන් සාගරය සලකන්නේ තමන්ට මායිම්ව ඇති රටවල සම්පතක් වශයෙනි.

එබැවින් නව දිල්ලියේ ඉන්දියානු සාගර ප්‍රවේශය මුල් බැස ඇත්තේ ද්විපාර්ශ්වික, බහුපාර්ශ්වික සහ කලාපීය මෙවලම් සහ යාන්ත්‍රණ භාවිතා කරමින් සහ “සියලු දෙනාගේම ප්‍රයෝජනය” සඳහා ඉන්දියාවේ හැකියාවන් යෙදවීමෙන් කලාපය තුළ සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා ය.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව පිළිබඳ වගකීම මුහුදුබඩ රටවල පළමු හා ප්‍රමුඛ කාර්යයයි.
කලාපය වෙත ඉන්දියාවේ ප්‍රවේශය පදනම් වී ඇත්තේ සාගර සඳහා හින්දි වචනය වන SAGAR යන තේමාව මතය, නමුත් කලාපයේ සැමට ආරක්ෂාව සහ වර්ධනය වෙනුවෙන් පෙනී සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles