Saturday, July 27, 2024

මෝදිගේ සංචාරයේ දී ආරක්ෂක හවුල්කාරීත්වය පුලුල් කර ගැනීමට ඇමෙරිකාව සැරසේ

ඉන්දියාව සමඟ හවුල්කාරිත්වය එක්සත් ජනපදයට වඩාත්ම ප්‍රතිඵලදායක සබඳතාවලින් එකක් වන අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේ දී වොෂින්ටනය ආර්ථික සබඳතා පුලුල් කිරීමට සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රකාශක වෙදාන්ත් පටෙල් පැවසීය.
ජනාධිපති ජෝ බයිඩන්ගේ ආරාධනයකට අනුව අගමැති මෝදි ජුනි 22 එක්සත් ජනපදයට යාමට නියමිතය.
එක්සත් ජනපද කොංග්‍රසය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් සභාවේ ඒකාබද්ධ රැස්වීමක් ඇමතීමට ද අගමැති මෝදිට ආරාධනා කර ඇත.
“ඔබේ දේශනය අතරතුර, ඉන්දියාවේ අනාගතය සඳහා ඔබේ දැක්ම බෙදා ගැනීමටත්, අපේ රටවල් දෙකම මුහුණ දෙන ගෝලීය අභියෝගවලට කතා කිරීමටත් ඔබට අවස්ථාව ලැබේ,” සභා කථානායක කෙවින් මැකාති, මෝදි වෙත ලිපියක් යවමින් සඳහන් කළේය.
මේ අතර, ධවල මන්දිරය ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එක්සත් ජනපද සංචාරය එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර ගැඹුරු, සමීප සහයෝගීතාවය යළි තහවුරු කිරීමට අවස්ථාවක් වනු ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles