චින්නුන්ගෙන් බේරී නේපාල කාන්තාවෝ තිදෙනෙක් පළාඑති

0
365
Nepali Girls Return from China at TIA Kathmandu on Sunday.A group of Nepali women workers who were stranded in Chinese city of Dandong for more than six weeks return home. POST PHOTO:PRAKASH CHANDRA TIMILSENA/KANTIPUR

නේපාලයේ සිය ලාඕසයේ සේවය කිරීමට ගෙනගිය කාන්තාවන් තිදෙනකු එහි සිටි චීන සේවායෝජකයන්ගේ පීඩනවලින් බේරී යළිත් සිය රටට පැමිණ තිබේ. කෙසේවෙතත් ඔවුන්ගේ තත්වය තවමත් අනාරක්ෂිත බව කත්මන්ඩු පෝස්ට් පුවත් සේවය වාර්තා කරයි.

ලලිතා, ජූනා සහ රොජිතා යන මෙම නේපාල කාන්තාවන් තිදෙනා ලාඕසයට රැගෙන ගොස් ඇත්තේ නොමිලේ ආහාර සහ ප්‍රවාහනය ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසුවය. 

කෙසේ වෙතත්, ලාඕසයට රැගෙන ගිය පසු, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, ට්විටර් සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය වේදිකාවල ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කර වැඩ කරන ලෙස චීන සේවායෝජකයන් ඔවුන්ට බලපෑම් කර තිබේ.

සමාජ මාධ්‍ය හරහා එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් රාජධානිය යන රටවලින් පොහොසත් ඉංග්‍රීසි කතා කරන පුද්ගලයින් රැවටීමට ඔවුන් හට උපදෙස් දී ඇති බවයි වාර්තාවන්නේ.

තම සේවායෝජකයාගේ නියමයන් පිළිපැදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කාන්තාවන්ට විවිධ  වධ හිංසාවලට ලක්වීමට සිදු වූ බව වාර්තා වේ. අවසානයේදී ඔවුන් තම මිතුරන් සහ පවුලේ සාමාජිකයින්ගේ උපකාරයෙන් මධ්‍යස්ථානයෙන් පැන යාමට සමත් වී තිබෙනවා. දෙසැම්බර් 21 වැනිදා නැවත නේපාලයට පැමිණි ඔවුන් තිදෙනා නේපාල පොලිසියේ මිනිස් ජාවාරම් විරෝධී කාර්යාංශයට පැමිණිල්ලක්  ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here