Saturday, April 27, 2024

පාකිස්ථානයට IMF මිස වෙන සරණක් නැහැ – ඉම්රාන් ඛාන්

පාකිස්තානයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලට (IMF) ගොස් අවමානයට පත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව රජය දන්නා බව පාකිස්ථාන ටෙහ්‍රීක්-ඊ-ඉන්සාෆ් (PTI) පක්ෂයේ සභාපති ඉම්රාන් ඛාන් පවසයි.

එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට පසුගිය වසර අවසානයේ ඇතිවූ විනාශකාරී ගංවතුර හේතුවෙන් උද්ගතව ඇති මූල්‍ය හා මානව පාඩු සමඟ සාර්ථකව කටයුතු කිරීමට පාකිස්තානය තවමත් අරගල කරමින් සිටියි.

ඛාන් අඟහරුවාදා ලාහෝර් හිදී මාධ්‍යවේදීන් අමතමින් පෙන්වාදී ඇත්තේ පවුල් දෙකක් විසින් වසර 30 ක් තිස්සේ රට කොල්ල කා ඇති බවයි.

පාකිස්තාන ජාතිකයින් 750,000 කට වැඩි පිරිසක් රට හැර ගොස් ඇති අතර වර්තමාන රජය යටතේ පාකිස්ථානය ගමන් කරන්නේ කොතැනටද යන බිය පවතින බවද හෙතෙම සඳහන් කරයි.

PTI ආණ්ඩුව පැවැති වකවානුවේ ඩොලර් බිලියන 03ක් වටිනා කොරෝනා එන්නත් ඇණවුම් කර නව රැකියා ලබා දුන් බව පවසන හිටපු අගමැතිවරයා, වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, PTI රජය ඉවත් කර ‘හොරු පත් කරගත්’ බවත්, ඒ නිසා උද්ධමනය වසර 50කින් පසු ඉහළම මට්ටමට පැමිණ ඇති බවත් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles