Friday, April 19, 2024

“භූමිකම්පාව ඇති, ඔයා එපා” – තුර්කිය පාකිස්ථානයට කියයි

පුද්ගලයන් 35,000කට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් කළ බලගතු භූමිකම්පාවලින් පසුව ඇති වූ විනාශයෙන් පසු, තුර්කිය විසින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ තුර්කි සංචාරයට සත්කාරකත්වය දීම අවසන් මොහොතේ ප්‍රතික්ෂේප කර ඇත.

පවතින අයහපත් කාලගුණය සහ පුනරුත්ථාපන කටයුතු සම්බන්ධයෙන් තුර්කිය ප්‍රමුඛත්වය ලබාදීම හේතුවෙන් පාකිස්ථාන අගමැතිවරයාගේ තුර්කි සංචාරය කල් දමා ඇති බව එක්ස්ප්‍රස් පුවත් සේවය ප්‍රකාශ කරයි.

ෂරීෆ් පෙබරවාරි 08 වැනිදා තුර්කිය බලා පිටත්ව යාමට නියමිතව තිබූ නමුත් අයහපත් කාලගුණය තුළ භූමිකම්පාවෙන් විපතට පත් ප්‍රදේශවල හෙලිකොප්ටරය පියාසර කිරීමට නොහැකි වීම සහ තුර්කියේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සහන සේවාවල නිරතව සිටීම හේතුවෙන් සංචාරය කල් දමා ඇති බවයි වාර්තාවන්නේ.

පසුගියදා  රට තුළ ඇති වූ භූමිකම්පාවෙන් පසු තුර්කිය විශාල මානුෂීය අර්බුදයකට මුහුණ දී තිබේ.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා භූමිකම්පාවෙන් හානියට පත් තුර්කියේ සංචාරය කිරීමට සැලසුම් කර තිබුනේ ඒ අතරතුරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles