පකිස්තාන තුර්කි අඹ යාලුකමටත් හෙණයක්

0
457

තුර්කිය සහ පාකිස්ථානය අතර පවතින ආගමික සහෝදරත්වය මත පදනම් වූ සම්ප්‍රදායික යහපත් සබඳතාවට බාධා මතුව ඇති බව වාර්තා වේ.

ආරක්‍ෂාව ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරටේම සහයෝගීතාව ඉහළ ගොස් ඇතත්, පාකිස්ථානුවන් නීතිවිරෝධී ලෙස තුර්කියට සංක්‍රමණයවීම වර්ධනයවීම හමුවේ තුර්කිය පාකිස්තානය කෙරෙහි සිය අප්‍රසාදය පළ කර ඇති බව පැවසේ.

නීතිවිරෝධී පාකිස්ථානු සංක්‍රමණිකයන් දස දහස් ගනනක් ඉරානය හරහා ගොඩබිම් මාර්ගයෙන් තුර්කියට පැමිණෙන්නේ වඩාත් සමෘද්ධිමත් අනාගතයක් සොයමින් සහ ඒ හරහා යුරෝපයට යාමේ අභිලාෂයෙනි.

තුර්කි බලධාරීන්ට අනුව, පසුගිය වසර හතර තුළ පාකිස්තානයේ සිට තුර්කියට ඇතුළු වන නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබේ.

තුර්කියේ විවිධ රැඳවුම් මධ්‍යස්ථානවල පාකිස්තානු රැඳවියන් 3,000-5,000 ක් පමණ සිටින අතර මෙය දැනටමත් සිරියාවෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් සරණාගතයින්ගේ පැමිණීමේ ආතතියට ලක්ව ඇති තුර්කිය තුළ විශාල නොසන්සුන්තාවයක් ඇති කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here