රුසියාව හාන්සි කරනවා බොරු- හිටපු CIA ප්‍රධානියෙකු කියයි.

0
636
Russia's President Vladimir Putin attends a session of the lower house of parliament to consider constitutional changes in Moscow, Russia March 10, 2020. Sputnik/Alexei Nikolsky/Kremlin via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY.

යුක්රේන යුද්ධයෙන් රුසියාව මේ වන විට ඉදිරියෙන් සිටින බවත් යුක්රේන හමුදාව දැනටමත් පරාජය වී ඇති බව පිළිගත යුතු බවත් ඇමරිකානු CIA සංවිධානයේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විරෝධී කාර්යාලයේ සේවය කළ යුද ප්‍රවීණයෙකු වන ලැරී සී. ජොන්සන් පවසයි.

ලැරී ජොන්සන් පවසා ඇත්තේ රුසියාවට එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් විසින් පනවන ලද සම්බාධකවලින් බේරී කටයුතු කිරීමට හැකි අතරම ඔවුන්ට බටහිර ආර්ථිකයට දැඩි බලපෑමක් කිරීමට ශක්තිය ඇති බව යි.

රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක ඔවුන් දණගස්වනු ඇතැයි සිතීම වැරදි වටහාගැනීමක් බවත් .රුසියාව ස්වයංපෝෂිත බවත් ඔවුන් ආනයන මත රඳා නොපවතින බවත් ජොන්සන් වැඩිදුරටත් සදහන් කළේය.

රුසියාව ආනයන මත රදා නොපැවතිය ද එහි අපනයන බටහිර රටවල ආර්ථික යහපැවැත්ම සඳහා ඉතා වැදගත් බව හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here