ඉන්දුනීසියාවේ ප්‍රබල ඇමතිවරයකු සහ උලේමාවරු දිල්ලි නුවරට පැමිණේ

0
297

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගේ ආරාධනය මත ඉන්දුනීසියාවේ ඉහළ පෙලේ අමාත්‍යවරයකු වන ආචාර්ය මොහොමඩ් මහෆුඩ් මේ සතියේ දිල්ලි නුවරට පැමිණීමට නියමිතව තිබේ.

ආචාර්ය මොහොමඩ් මහෆුඩ් ඉන්දුනීසියාවේ දේශපාලන, නීති සහ ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ අමාත්‍යවරයා වේ.

ඔහු සමඟ එරට උලමා සභාවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද පැමිණෙනු ඇති බව සදහන් වේ.

නොවැම්බර් 28 වන දින ඉන්දුනීසියාවේ සිට පැමිණෙන මෙම පිරිස ඉන්දියානු නියෝජිතයින් සමඟ ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවේ අන්තර් ආගමික සාමය සහ සමාජ සංහිඳියා කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

සංචාරය අතරතුර, ඉන්දුනීසියාවේ මුස්ලිම් ආගමික නායකයන් ඉන්දියාවේ වෙනත් ආගම්වල නායකයින් සමඟ අන්තර් ක්‍රියා කිරීමට ද නියමිත අතර ඔවුන්ගේ සංචාරය අවසානයේ අජිත් දොවාල් සමග ඒකාබද්ධ ප්‍රකාශයක් ද නිකුත් කරනු ඇතැයි පැවසේ.

ලොව විශාලතම මුස්ලිම් ජනගහනය සිටින රට ඉන්දුනීසියාව වන අතර ඉන්දියාව ලොව දෙවන විශාලතම මුස්ලිම් සංඛ්‍යාව සිටින රටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here