චීනයට විය හැකි බරපතල හානියක් ගැන බරපතල අනතුරු ඇගවීමක්.

0
772
Birds fly past the chimney of a thermal power plant as China's national flag flutters in a suburb in Shanghai January 9, 2015. REUTERS/Aly Song/File Photo

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් නුදුරු අනාගතයේ දී චීනයට දැඩි අහිතකර බලපෑම්වලට ලක්වීමට සිදුවනු ඇති බව එක්සත් ජාතීන්ගේ අන්තර් රාජ්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක් මගින් අනවාරණය කර තිබේ.

එම වාර්තාව මගින්, සාගර මට්ටම ඉහළ යාම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ගංවතුර හේතුවෙන් ලොව විශාලතම ආර්ථික පාඩුව සිදුවන රට චීනය බවට පුරෝකතනය කර ඇත.

දේශගුණය උණුසුම්වීම හේතුවෙන් චීනයේ තිරිඟු, බඩඉරිඟු, සහල් සහ මාළු අස්වැන්න කැපීපෙනෙන ලෙස පහළ ගොස් එරට ආහාර සුරක්ෂිතතාවය ද දැඩි තර්ජනයට ලක් වනු ඇති බවට එමගින් කරැණු දක්වා තිබේ.

මේ හේතුවෙන් චීනය ජලය සහ ආහාර සුරක්ෂිතභාවය, දරිද්‍රතාවය සහ කාලගුණික බලපෑම් සඳහා විසඳුම් සෙවීමට කඩිනම් සහ විධිමත් පියවර වහා ගත යුතුව ඇති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here