තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය ත්‍රස්තවාදයේ තෝතැන්නක් විය හැකි බවට අනතුරු ඇගවීමක්

0
342

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු හටගෙන ඇති මානව හිමිකම් උල්ලංඝනයවීම් හේතුවෙන් ඉදිරියේ දී එරට ත්‍රස්තවාදයේ තෝතැන්නක් විය හැකි බවට දකුණු ආසියානු අධ්‍යයනය සදහා වන යුරෝපීය පදනම අනතුරු අගවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයට සමගාමීව දකුණු ආසියානු අධ්‍යයනය සඳහා වූ යුරෝපීය පදනම ‘ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් තත්ත්වය’ මැයෙන් පැවැත්වූ අන්තර්ජාල සම්මන්‍ත්‍රණයකදී මෙම කරැණු අනාවරණය ‍කෙරිණ.

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ අධ්‍යාපන ක්‍රමයේ සිදුව ඇති පරිවර්තනය පිළිබඳව එහිදී දැඩි කනස්සල්ල පල කෙරුණු අතර එමගින් අනාගතයේ දී දැඩි අර්බුද ඇතිවිය හැකි බව ‍සදහන් විය.

තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ මානව හිමිකම් කඩවීම් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති බවත් ඇෆ්ගනිස්ථානුවන්ගෙන් සියයට 90කට දැනට මානුෂීය ආධාර අවශ්‍ය බව මෙහිදී අනාවරණය විය.

මෙම සැසියට ලොව පුරා මානව හිමිකම් ක්‍රියාකාරීන්, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පර්යේෂකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here