චීනයේ මානව හිමිකම් ගැටලු වෙනුවෙන් ඇමරිකාවෙන් සහතිකයක්.

0
513

චීනයේ මානව හිමිකම් ගැටළු විසදීම වෙනුවෙන් අඛණ්ඩව පෙනී සිටින බව එක්සත් ජනපද කොන්ග්‍රසයේ කථානායක නැන්සි පෙලෝසි අවධාරණය කර තිබේ.

ඇය මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු හමුවීමෙන් පසුවයි.

ට්විටර් පණිවුඩයක් මගින් පෙලෝසි සඳහන් කර සිටියේ, චීන මානව හිමිකම් උල්ලංඝනය කිරීම්වලට එරෙහිව සටන් කරන්නන් වන නේදන් ලෝ සහ රහීමා මාමුට් හමුවීමට ලැබීම වරප්‍රසාදයක් බවයි.

මෑතකදී උයිගුර් ජනයාගේ ජන සංහාරයේ සිට, ටිබෙටයේ සංස්කෘතියට, ආගමට සහ භාෂාවට එරෙහි ආක්‍රමණ, හොංකොං හි මූලික නිදහසට එරෙහි මර්දනයන්, චීනය පුරා මාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ විරුද්ධවාදීන් සිරගත කිරීම සහ තායිවානය බිය ගැන්වීම සිදුවීම් සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව ද නැන්සි ෆොලොසි මෙහිදී සදහන් කර ති‍බේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here