Wednesday, May 15, 2024

රුසියානු හමුදා යුක්‍රේනයේ කිව් අගනගරයට ඇතුල්වෙයි

රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ අගනුවර වන කිව් නරගයේ බලය අත්පත් කර ගනිමින් සිටින බව වාර්තා වේ. යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයද මේ බව තහවුරු කර තිබෙනවා.

ඒ අනුව යුක්‍රේනයේ ප්‍රධාන නගරය මේ මොහොත වනවිට රුසියානු හමුදා විසින් වටකොට ඇත. යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමගම ඇතිවන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට පුටින් විසින් එරට යුධ නැව් ගණනාවක් කළු මුහුද හරහා යුක්රේන සීමාවට යවා ඇත.

කළු මුහුදට රුසියානු නැව් ඇතුළුවීම වළක්වාලන ලෙස තුර්කියෙන් කළ ඉල්ලීම තුර්කි රජය විසින් ප්‍රතික්ෂේප කිරීම යුක්රේනයට දැඩි බලපෑමක් එල්ල වී ඇත.

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගත් රුසියානු හමුදා ඉන් අනතුරුව කිව් අගනුවර අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර දිගින් දිගටම අගනුවර දෙසට මිසයිල ප්‍රහාර එල්ල කළේය. මිසයිල ප්‍රහාර හමුවේ අගනුවර අතහැර දමා යාමට යුක්රේන ජනතාව කටයුතු කළ අතර මෙරට වේලාවෙන් පස්වරු වනවිට රුසියානු භටයන් කිව් අගනුවර සීමාවට ඇතුළු වී තිබෙනවා.

නගරය වෙත පැමිණෙන සතුරු හමුදා භටයන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේන හමුදා මාර්ගවල ආරක්ෂක මුරපොලවල් යොදා තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. යුක්රේන ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබෙන්නේ පෙට්‍රල් බෝම්බ සාදාගෙන සතුරු හමුදාවලට මුහුණදීමට සූදානමින් සිටින ලෙසයි.

යුක්රේන හමුදා වාර්තා පවසන්නේ රුසියානු හමුදා භටයන් 800 ක් මරා දැමීමට සමත් වූ බවයි. මීට අමතරව රුසියානු යුද ටැංකි 30 ක්, සන්නද්ධ රථ 130 ක්, හෙලිකොප්ටර් 06 ක් සහ ප්‍රහාරක යානා 07 ක් විනාශ කිරීමට සමත් වූ බවද යුක්රේන වාර්තා පවසනවා.

මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ බටහිර රටවල් විසින් යුක්රේන ජනතාව රැවටීමට ලක්කර ඇති බවයි.

යුද්ධයක් ඇති වුවහොත් යුක්රේනය සමග සිටින බවට පොරොන්දු වූ සියලු රටවල්, අවසන් මොහොතේදී යුක්රේනය තනිකළ බවත්, යුක්රේනයේ පිහිටට සිටින්නේ යුක්රේනය පමණක්ම බවත් ඔහු පවසා තිබෙනවා.

නේටෝ සංවිධානයද රුසියාවට බිය වී යුක්රේන ජනතාව තනි කිරීමට කටයුතු කළ බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

මෙි අතරතුර ඇමරිකානු ජනපති ජෝ බයිඩන් තම හමුදා භටයින් 7000 ක් ජර්මනිය වෙත එවමින් නෙටෝ රටවල් ආරක්ෂා කිරීමට සැරසේ. නේටෝ සාමාජිකත්වය පිරිනැමීමට සූදානම් වීම මත යුක්රේනය හා විරසක වී යුද ප්‍රකාශ කළ පුටින්ට එරෙහිව රුසියාවට ආර්ථික සම්බාධක පමණක් පැමිණවීමට තීරණය වී ඇත. බටහිර වෙනුවෙන් පෙනී සිටි යුක්‍රේනය ගලවා ගැනීම වෙනුවෙන් යුදමය සහයක් නේටෝ රටවල් විසින් ලබා දුනහොත් තුන්වන ලෝක යුද්ධය ඇතිවීම කිසිවෙකුට නතර කළ නොහැක. මෙම තත්වය හඳුනාගත් බටහිර රටවල් සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය නිරාකරණය කරගැනීමට උත්සහ ගනිමින් සිටී.

මෙි අතර චීන ජනපති හා පුටින් අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් පවත්වා ඇති අතර තම සහය රුසියාවට ලබා දෙන බවත් සාකච්ඡා මාර්ගයෙන් මූලික විසඳුම වෙත යන ලෙස ජින් පිං පවසා ඇත.
මේ අතර ව්ලැඩ්මීර් පුටින් යුක්‍රේන අර්බූදය පිළිබඳව ප්‍රකාශයක් කරමින් පවසන්නේ
මේ ප්‍රශ්ණයට යම් රටක් මැදිහත් වන්නේ නම් ඔවුන් ඉතිහාසයේ කිසිදු දිනෙක අත් නොදුටු ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවන බවයි…
lead to consequences you have never seen in history”.

යුදමය වාතාවරණය පවතින මේ මොහොතේදී රුසියාව හා යුක්‍රේනය අතර සාකච්ඡා බෙලරුසියාවේ මින්ස්ක් නුවර ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වේ. කිව් නගරයේ ගුවන රුසියානු ගුවන් හමුදාව අත්පත් කරගැනීමත් කිව් නගරය වෙත රුසියානු හමුදා ඇතුළු වීමත් සමගම යුක්රේන ජනයා ලක්ෂ ගණනින් අසල්වැසි රටවලට පලා යමින් සිටී. එමෙන්ම රුසියාවේ ශාන්ත පීටර්ස් නගරය ඇතුළු බොහෝ තැන්වල යුධ විරෝධී රැළි පවත්වමින් සිටී. එහෙත් පුටින්ගේ දැඩි තීරණ හමුවේ හමුදාව තම ක්‍රියාන්විතය අඛණ්ඩව කරගෙනු යනු ලබයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles