තලේබාන් සංවිධානයට ඇමරිකාවෙන් දොස්

0
326

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගන් මාධ්‍ය වෙත පනවා ඇති නව සීමාවන් පිළිබඳව ඇමරිකාව සිය කනස්සල්ල පළ කර ඇත.

ඇෆ්ගන් ජනතාවගේ අධ්‍යාපනය සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නතර කරන ලෙසද ඇමරිකාව තලේබාන් සංවිධානය වෙත අවධාරණය කර තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලොව පුරා සිටින, විශේෂයෙන් මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් සුරකින්නන්ට ප්‍රචණ්ඩත්වයට බිය නොවී නිදහසේ ක්‍රියා කිරීමට ඇති අයිතිය වෙනුවෙන් එක්සත් ජනපදය කැපවී සිටින බවයි.

තලේබාන්වරුන් පසුගියදා බ්‍රිතාන්‍ය විකාශන සංස්ථාව (බීබීසී) සහ වොයිස් ඔෆ් ඇමරිකා (වීඕඒ) ඇෆ්ගනිස්ථානයේ විකාශන සේවා තහනම් කිරීමට ද කටයුතු කළේය.

මෙය තලේබාන් පාලනය අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්ථානයේ පාලනය අත්පත් කර ගැනීමෙන් පසු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මැඩපැවැත්වීම සඳහා ඇෆ්ගනිස්ථාන මාධ්‍ය වෙත පනවා ඇති සීමාවන්වල නවතම දිගුවක් බව බොහෝ අන්තර්ජාතික මානය හිමිකම් සංවිධානවල මතය වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here