Friday, April 26, 2024

දේශසීමා ගැටලු ඉක්මනින් විසදා ගත යුතු බව ඉන්දියාව චීනයට කියයි.

නැගෙනහිර ලඩාක් දේශසීමා ගැටළු ඉක්මනින් අවසන් කළ යුතු බව ඉන්දීය විදේශ ඇමති එස් ජයිශංකර් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අවධාරණය කර තිබේ.

දේශසීමා ප්‍රදේශවල තත්වය අසාමාන්‍ය නම් ද්විපාර්ශ්වික සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත්වීම පවා සිදුනොවනු ඇති බව ඔහු චීන විදේශ අමාත්‍යවරයාට පවසා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අමාත්‍යවරැන් දෙදෙනා අතර පැය තුනකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවලදී ඉන්දීය විදේශ ඇමති එස් ජයශංකර් මේ බව සදහන් කර තිබේ.

මේ අතර චීන විදේශ අමාත්‍ය වැන්ග් යී ෂින්හුවා පුවත් සේවයට පවසා ඇත්තේ, චීනය සහ ඉන්දියාව එකිනෙකාට තර්ජනයක් නොවන බවට වන දෙරටේ නායකයින්ගේ සම්මුතීන්ට එකඟව කටයුතු කිරීමට හැකි බව සිය ඉන්දීය සංචාරයේ දී තමන්ට අවබෝධ වූ බවයි.

ලඩාක් ගැටුමෙන් පසු ඉන්දියාවට පැමිණි පළමු ඉහළ පෙළේ චීන නිලධාරියා වන වැන්ග් මාර්තු 25 වන දින කළ ඉන්දීය සංචාරයේදී ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සමඟ සාකච්ඡා පැවැත්වීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles