ඇමරිකාව චීනයට එරෙහිව අග්නිදිග ආසියාවේ බලමුළු තර කරයි.

0
403

අග්නිදිග ආසියාවේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩෙන්ගේ මුලපිරීම, යුධ හා ආර්ථික වශයෙන් ඉන්දු-පැසිෆික් කලාපයේ තුල චීනය අභියෝගයට ලක් කර ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ASEAN) සාමාජිකයින් වන චීනයේ අසල්වැසි රටවල් අතර චීනය තවදුරටත් හුදකලා වී ඇති බව සදහන් වේ.

රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රථමයෙන් 2022 මැයි මාසයේදී වොෂින්ටනයේදී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ නායකයින් සමඟ හමුවක් පැවැත්වූ අතර, පසුව දකුණු කොරියාවට සහ ජපානයට ගොස් ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව දියත් කළේය.

එය ඉන්දු පැසිෆික් කලාපයේ ඇමරිකාවේ මුලපිරීමේ ආර්ථික හස්තය ලෙස නම් කර ඇත.

ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ වර්ධනය වන ස්ථීරභාවයට අභියෝග කිරීම සඳහා ජපානය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ එක්සත් ජනපදය පිහිටුවා ඇති සන්ධානයයේ නායකයින්ගේ සමුලු රැස්වීමක ද ජනාධිපති බයිඩෙන් ටෝකියෝවේ දී මුලසුන ගනු ලැබිණ.

මෙහිදී ඔහු අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය සඳහා ඇමරිකානු සහයෝගය යලි තහවුරු කර තිබේ.

අග්නිදිග ආසියාවේ වර්ධනය වන චීන බලපෑම පාලනය කිරීම සඳහා 1967 දී ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන සාමාජිකයින් පස් දෙනෙකුගෙන් යුත් රටවල් 10 ක කණ්ඩායමක් ද පිහිටුවන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here