ලතින් ඇමරිකාවේ චීන බලපෑම් අවම කිරීමට ඇමරිකාවේ අවධානය

0
513

ලතින් ඇමරිකාවේ චීනයේ වර්ධනය වන බලපෑමට එරෙහිව සහ එක්සත් ජනපද නායකත්වය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය කලාපීය ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, සෞඛ්‍ය ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම වැනි කරැණු කෙරෙහි අවධානය යොමු කළ යුතු බවට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.

කොරෝනා වසංගතයේ මුල් අවධියේදී ශල්‍ය මුහුණු ආවරණ සහ වෙනත් ආරක්ෂක උපකරණ බෙදා හැරීමෙන් චීනය ලතින් ඇමරිකාවේ ප්‍රචලිත විය.

ගෝලීය ජනගහනයෙන් සියයට 8.4 ක් සමන්විත වුවද, එක්සත් ජනපදය එන්නත් බෙදා හැරීමේදී සිදු වූ අඩුපාඩු නිසා ලතින් ඇමරිකාව සහ කැරිබියන් ලෝකයේ වාර්තා වූ මරණවලින් සියයට 28 කට ගොදුරු වූ බව කලාපීය විශේෂඥයින් සෙනෙට් විදේශ සබඳතා අනුකමිටුවක් හමුවේ අනාවරණය කර ඇත.

ඇමරිකා කවුන්සිලයේ උප සභාපති එරික් ෆාන්ස්වර්ත් පැවසූයේ මහජන සෞඛ්‍ය හේතූන් මත ඇමරිකාවට ප්‍රමුඛත්වය දිය යුතු වුවත් මේ වන විට කලාපීය රටවල් චීනය සමඟ උපායමාර්ගිකව කටයුතු කරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here