Saturday, July 27, 2024

ඉන්දු – ඇමෙරිකා ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක්

දෙදින ඉන්දීය සංචාරයක නිරතව සිටින එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ගෝලීය ගැටළු පිළිබඳව සාකච්ඡා කළේය.

සුලිවන්ගේ සංචාරයට එක්සත් ජනපද රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ එක්සත් ජනපද කර්මාන්ත ප්‍රධානීන්ගෙන් යුත් දූත පිරිසක්ද එක්ව සිටිති.
ඔහු නවදිල්ලියේ සංචාරයක නිරතවන්නේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ එලඹෙන එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරයට පෙරය.
දෙරටේම ප්‍රමුඛ පෙළේ ශාස්ත්‍රීය සහ ව්‍යාපාරික පුද්ගලයින් සංවාදයට සහභාගී වූ අතර ජාතික ආරක්ෂක උපදේශකවරු දෙපළ සහභාගී වූවන් සමඟ කතා කළහ.

වැදගත් සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳ ඉන්දීය-එක්සත් ජනපද මුලපිරීම යටතේ සිදු කරන ලද වර්ධනයන් පිළිබඳව ඔවුන් තෘප්තිමත් වන අතර, ජාතීන් දෙකෙහිම අති නවීන භාණ්ඩ හා සේවා සම-නිර්මාණය කිරීම සහ සම-නිෂ්පාදනය කිරීම සඳහා තාක්ෂණික වටිනාකම් දාමයේ හවුල්කාරිත්වයන් සඳහා කටයුතු කරන ලෙස දෙපාර්ශවයේම පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටියහ.

අජිත් දොවාල්ගේ ආරාධනයෙන් එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් නවදිල්ලියේ නිල සංචාරයක නිරත වේ.

මේ අතර එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවන් නවදිල්ලියේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡාවක් පැවැත්වූ අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවය පිළිබඳ සාකච්ඡා කළේය.

දෙපාර්ශ්වය මෙම හමුවේදී වැදගත් සහ නැගී එන තාක්ෂණයන් පිළිබඳ ඉන්දීය-එක්සත් ජනපද මුලපිරීමේ (iCET) ප්‍රගතිය සමාලෝචනය කළහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles